රෑ අහසේ තරු ගැන්නෙමි
මද්දහනේ සිහින දුටිමි
තරුද සිහින හරි බොළඳයි
දැන් මම එය හොඳින් දනිමි
හිරු එබෙනා මද්දහනේ
සඳ පානේ තුන් යාමේ
දුටුවෙත් පැතුවෙත් ඔබමයි
අනේ මමත් රැවටුණු හැටි
යාන්තමින් ඇස් ඉඟි කර
සමච්චලේටම හිනැහෙන
ඔබේ වත මන්ද දුටුවේ
සිහිනෙන් නොව හැබැහින් මම
වත දවනා අහස යටින්
දෙපා දවන පොළව මතින්
සෙමින් සෙමින් පා තබනෙමි
මට නැති වූ "මා" සොයමින්.......................෴
෴ නිපුනි මහේෂිකා ෴
මද්දහනේ සිහින දුටිමි
තරුද සිහින හරි බොළඳයි
දැන් මම එය හොඳින් දනිමි
හිරු එබෙනා මද්දහනේ
සඳ පානේ තුන් යාමේ
දුටුවෙත් පැතුවෙත් ඔබමයි
අනේ මමත් රැවටුණු හැටි
යාන්තමින් ඇස් ඉඟි කර
සමච්චලේටම හිනැහෙන
ඔබේ වත මන්ද දුටුවේ
සිහිනෙන් නොව හැබැහින් මම
වත දවනා අහස යටින්
දෙපා දවන පොළව මතින්
සෙමින් සෙමින් පා තබනෙමි
මට නැති වූ "මා" සොයමින්.......................෴
෴ නිපුනි මහේෂිකා ෴